Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ශාක ප්‍රදානයක්

May 9, 2025

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකාව සමඟ ලක් රජයේ සාකච්ඡා සාර්ථක බව ජනපති කියයි
Sri Lankan news

ඇමරිකාව සමඟ ලක් රජයේ සාකච්ඡා සාර්ථක බව ජනපති කියයි

kumudikaBy kumudikaApril 24, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකාව පැනවූ තීරු බදු හේතුවෙන් ඇතිවූ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට එරටට ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිතයන් හා අමෙරිකානු නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡා ඉතා ප්‍රතිඵලදායක බව තමාට දන්වා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඉදිරියේදී කණ්ඩායම් දෙකම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ (23) දා රත්නපුර ජන රැලිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තිය දිවයිනේ ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍ර කීපයකට බලපෑ හැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම ගැටලුව විසඳා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද එහිදී ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයේදී 22 වැනිදා සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් මට දැනුම් දී තිබෙනවා ඒ සාකච්ඡා ඉතාමත් ප්‍රතිඵලදායක බව. ඒ නිසා දෙපාර්ශ්වයම එකඟ වෙලා යම් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. අපි උත්සාහ ගන්නවා කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳා ගන්න.

ජනවරමට අප සියලු දෙනාම යටත්. එය උත්තරීතරයි. අප මේ රට හදනවා. නොසැලෙන ආර්ථිකයක් අප ගොඩනැඟීමට කටයුතු කරනවා. වෙනස් නොවන කණ්ඩායම මැයි මාසේ සිට වෙනස් කරන්න සිදු වෙනවා.

මැණික් පිළිබඳ ඇති බදු පිළිබඳ ගැටලු මැණික් ව්‍යාපාරිකයන් අපට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළා. ඒක අපට විසඳා ගන්න හැකියි. අපේ ප්‍රධාන ඉලක්කයත් අපනයන ආදායම වැඩි කර ගැනීම. සිපෙට්කෝ සමඟ සාකච්ඡා කර වල් නාශක කෘමි නාශක ආනයනය කර තිබෙනවා. එම නිසා ඒවායේ මිල අඩු කිරීමට කටයුතු කරනවා. කුඩා තේ වතු හිමියන්ට 50%ක පොහොර සහනාධාරයක් දීමට කටයුතු කරමින් තිබෙනවා. විශ්වවිද්‍යාලවල නේවාසික ගැටලු ගණනාවක් තිබෙනවා. එම නේවාසික ගැටලු තිබෙන තැන්වලට විකල්ප තැන් තිබෙනවා ද කියා සොයා බලන ලෙස මම බුද්ධි සේවාවන්ගෙන් ඉල්ලීමක් කළා. පසුගියදා මට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව රජයේ භාවිතයට ගන්නෙ නැති ගොඩනැඟිලි විශ්වවිද්‍යාලවල නේවාසිකගාර බවට පත් කරන්න අප කටයුතු කරනවා. චීන රජය එකඟ වෙලා තිබෙනවා මුළුමනින්ම පාසල් නිල ඇඳුම් ඉදිරි වසරේත් නොමිලේ දෙන්න. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණු අය පුනරුත්ථාපනය කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යස්ථාන හදනවා.

රට තුළ නව සංචාරක ස්ථාන හඳුන්වා දිය යුතුයි. අනුරාධපුරය පැරණි රාජධානිය ඉස්මතු වන ආකාරයෙන් යළි ගොඩනඟනවා. ඉන්දියාව ඒ සඳහා සහයෝගය දෙනවා. යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල, යාපහුව වැනි ස්ථාන සංචාරක ව්‍යාපාරය සඳහා සංවර්ධනය කරනවා.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ජනාධිපති සහ එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා සාකච්ඡා
Next Article දළදා වඳින්න පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ ලාංඡනයක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ශාක ප්‍රදානයක්

May 9, 2025

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.