දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව කලින් නියම කරගත් පරිදි හෙට අවසන් වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කලේය. මේ අතර සිරි දළදා වන්දනාව සඳහා මේ වන විටත් ලක්ෂ 2කට අධික පිරිසක් පෝලිම්වල රැදී සිටින බැවින් ඊට අලු‍තින් එක් නොවන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සැදැහැවතුන්ගෙන් යළි යළිත් ඉල්ලීම් කර ඇත.

සිරි දළදා වන්දනාවේ 9 වැනි දිනය අද ක්‍රියාත්මක අතර සැදැහැවතුන් අනූ දහසකට ආසන්න සංඛ්‍යාවකට ඊයේ දළඳා සමිඳුන් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමි විය.

Share.

Comments are closed.

Exit mobile version