අබුඩාබි‍ය පුරා පාසල්වල සිසුන්ට පාසල් පරිශ්‍රයට ජංගම දුරකථන සහ ස්මාර්ට් ඔරලෝසු ගෙන ඒම දැඩි තහනමකට ලක් කර ඇත.

අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය හැසිරීම් කළමනාකරණය සම්බන්ධයෙන් 2018 අංක 851 දරන අමාත්‍ය යෝජනාවට අනුකූලව මෙම පියවර ගෙන තිබේ.

පාසල් පරිපාලනය අවධාරණය කර ඇත්තේ ජංගම දුරකථනයක් ඇති ඕනෑම සිසුවෙකුගේ එම උපාංගය රාජසන්තක කරන බවයි. දෙමාපියන්ට හෝ භාරකරුවන්ට දැනුම් දෙනු ලබන අතර රාජසන්තක කිරීමේදී 24 වන පෝරමයට සහ දුරකථනය ආපසු ලබා දුන් විට 25 වන පෝරමයට අත්සන් කිරීමට අවශ්‍ය වේ. පළමු වරද සඳහා, දුරකථනය මාසයක් සඳහා රඳවා ගනු ලැබේ. නැවත නැවත උල්ලංඝනය කිරීම් හේතුවෙන් අධ්‍යයන වර්ෂය අවසන් වන තෙක් දුරකථනය නිලධාරීන් විසින් ගෙන තබා ගනු ලැබේ.

මෙම තහනම ස්මාර්ට් ඔරලෝසු සහ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා උපාංග සඳහා ද අදාල වන අතර, ඒවා වහාම රාජසන්තක කරනු ලැබේ. පූර්ව සම්බන්ධීකරණයක් සහ ඒවායේ භාවිතය සඳහා පැහැදිලි අරමුණක් ස්ථාපිත කර නොමැති නම් කැමරා ද තහනම් වේ.

මෙම පියවරයන් පාසල් පරිසරය තුළ තාක්ෂණික උපාංග නිසි ලෙස භාවිතා කිරීම සහතික කිරීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහ විනය වැඩි දියුණු කිරීම අරමුණ වේ.

Share.

Comments are closed.

Exit mobile version