ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.
උපන් දා සිට මව මූලික කරගත් ජීවිත සඳහා මවගේ වටිනාකම පෙන්වා දීමට මෙම දිනය වැදගත් වේ. මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවය.
ඇගේ මව ඈන් රීවිස් ජාවිස්ගේ නම් කාන්තාවක් වූ අතර ඇය අමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර මව්වරුන් සහ සොල්දාදුවන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයන් වර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රජා සංවිධායකවරියක්ද බව සඳහන් ය.
1905 වසරේදී ඈන් රිවිස් ජාවිස්ගේ අභාවයෙන් පසු ඇනා ජාවිස්ට ඇගේ මව වෙනුවෙන් ගෞරව කිරීම සහ ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීමට හැකි දිනයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වී තිබේ.
ඒ අනුවය ඇගේ එම උත්සාය සාර්ථක වෙමින් 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි මාසයේ දෙවන ඉරිදා දින මව්වරුන්ගේ දිනය ලෙස නම් කෙරුනු අතර එදින නිවාඩු දිනයක් ලෙසද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව එදින සිට ලොව පුරා සෑම වසරකම මැයි දෙවන සතියේ ඉරිදා දින ලෝක මව්වරුන්ගේ දිනය ලොව පුරා සමරනු ලැබේ.