Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ

May 12, 2025

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය
Sri Lankan news

ගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය

kumudikaBy kumudikaMay 11, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ තමන් මෙම පුවත ඇසීමෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ බවත් අනතුරින් තුවාල ලැබූවත් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවය.

එම නිවේදනය මෙසේය.

අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් මම මහත් සේ කම්පාවට පත් වීමි.

රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටියි.

මෙම අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින්ද හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වන විටත් වැඩසටහනක් සැලසුම් කර තිබේ.

අද උදෑසන සිදුවූ මෙම බිහිසුණු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත මාගේ බලවත් සංවේගය පළ කරන අතර තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

එසේම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවද සිහිපත් කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මැයි 11 වන දින

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයට වැසි සමඟ මීදුම් කාලගුණයක්
Next Article නවක වද හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල ඉල්ලුම පහලට – පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉහල ඉල්ලුමක්
kumudika

Related Posts

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.