Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

May 13, 2025

Amazon Prime Day එමීර් රාජ්‍ය ජූලි මාසයේදී සුවිශේෂී දීමනා සමඟ නැවතත්

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»මැයි මුල් සතිය තුළ ලංකාවට විදෙස් සංචාරකයින් 33,910 ක්
Visit Sri Lanka

මැයි මුල් සතිය තුළ ලංකාවට විදෙස් සංචාරකයින් 33,910 ක්

kumudikaBy kumudikaMay 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 මැයි මුල් සතිය තුළ දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

එම අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත්තේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සුපුරුදු පරිදි ශීත සෘතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය වෙත පැමිණෙන සංචාරකයින්ගේ පහළ යාමක් මේ වනවිට වාර්තා වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව වෙත දෛනිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ද මේ වන විට 5,000 මට්ටමින් පහළට පැමිණ ඇත.

කෙසේවෙතත් මැයි 01 සිට මැයි 07 දක්වා සතිය පිරික්සීමේ දී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයකි.

2023 වසරේ දී මෙම ප්‍රමාණය 18,761 ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වේ. 2025 මැයි මුල් සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 33,910කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් බවය.

මෙය 2024 මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 10.2%ක වර්ධනයකි.

2025 අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 646.1ක සංචාරක ඉපැයීමක් සටහන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ
Next Article Amazon Prime Day එමීර් රාජ්‍ය ජූලි මාසයේදී සුවිශේෂී දීමනා සමඟ නැවතත්
kumudika

Related Posts

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

May 13, 2025

Amazon Prime Day එමීර් රාජ්‍ය ජූලි මාසයේදී සුවිශේෂී දීමනා සමඟ නැවතත්

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.