ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වඩාත් ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි 30ක් (අමෙරිකානු ඩොලර් මිලියනයක්) පමණ වටිනා අතිනවීන න්‍යෂ්ටික හඳුනා ගැනීමේ උපකරණ පද්ධතියක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බලප්‍රදේශය තුළ න්‍යෂ්ටික, විකිරණශීලි සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙම අති නවීන විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ උපකරණ ලබාදුන් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය (DOE/NNSA) සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ හා වැළැක්වීමේ කාර්යාලය (NSDD) හරහා සපයන ලද මෙම අති නවීන උපකරණ, ඊයේ (15) ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දී තිබේ.
මෙම උත්සවයට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් හා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2024 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ DOE/NNSA අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමෙන් පසු සිදු කරන ලද පළමු ප්‍රධාන පියවර වන්නේ මෙම උපකරණ ලබාදීමයි.
න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හඳුනාගැනීම සහ වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි.
මෙම ප්‍රදානයට අමතරව, පසුගිය මාර්තු මාසයේ දී, එක්සත් ජනපද තානාපති කාර්යාලය, DOE/NNSA හරහා කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තයේ දී ඩොලර් 500,000ක් වටිනා නව විකිරණ හඳුනාගැනීමේ උපකරණ පරිත්‍යාග කළහ.
එමඟින් විකිරණශීලී ද්‍රව්‍ය හඳුනාගැනීමට සහ ගෝලීය සැපයුම්දාම සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රේගුවට ඇති හැකියාව තවදුරටත් වැඩිදියුණු කරන ලදි.