ලුණු හිඟය හේතුවෙන් බේකරි නිෂ්පාදනකරුවන්ට සහ හෝටල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ බේකරි නිෂ්පාදකයන්ට සහ හෝටල් හිමිකරුවන්ට සුපිරි වෙළෙඳසල්වලින් ලුණු එකතු කර ගැනීමට කාලය මෙන්ම තැනින් තැනට ලුණු එකතු කර ගැනීම සඳහා සේවකයන් සහ වාහන පවා යෙදවීමට සිදුව ඇති බවය.

මහා පරිමාණ බේකරි හිමියන්ගෙන් එක් බේකරි හිමියකුගේ දිනක ලුණු අවශ්‍යතාව කිලෝ ග්‍රෑම් දෙසීය ඉක්මවන බවත් මෙසේ ලුණු එකතු කිරීම හේතුවෙන් ඉදිරියේදී මහජනතාවට ලුණු හිඟය පුළුල්ව දැනීමට ඉඩ ඇතැයිද ඔහු පැවසුවේය.

Share.

Comments are closed.

Exit mobile version