Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 24
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»තෙල්, විදුලිය පාඩු ලබනවා නම් මිල වැඩි කිරීම සුදුසුයි – මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
Sri Lankan news

තෙල්, විදුලිය පාඩු ලබනවා නම් මිල වැඩි කිරීම සුදුසුයි – මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

kumudikaBy kumudikaMay 23, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට එහි බර බදු ගෙවන්නන් මත පැටවිය යුතු නැති බවත් විදුලිය හා ඉන්ධන භාවිත කරන්නන් ඒ සඳහා සුදුසු පිරිවැයට සරිලන මිලක් ගෙවීම ආර්ථිකයට වඩාත් හොදම දෙය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබුවහොත් එම පාඩු මග හරවා ගැනීම සඳහා බදු ගෙවන්නාගේ මුදලින් සහන ලබා දීමට රජයට සිදුවන බව ඔහු කියා සිටියේය. එවිට සහන ලබා දීමට වැයවෙන මුදල් නැවත ලබා ගැනීමට ජනතාවට නව බදු පැනවීමට රජයට සිදුවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පිරිවැය ආවරණය වන මිලකරණයක් ක්‍රිත්මක කිරීමේ මූල ධර්මයට රටක් වශයෙන් ශ්‍රී ලංකාව එකඟ වූයේ පසුගිය වසරේ බවත් වර්තමාන විදුලිය ගාස්තුවෙන් පිරිවැය ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන බවත් ආචාර්යවරයා පැවැසුවේය.

පිරිවැයට සරිලන ආකාරයට යම් සංශෝධනයක් කළ යුතු බව දෙපාර්ශවය එකඟතාව පළකර තිබෙන බවත් පිරිවැයට සරිලන මිල තරණයක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා විසඳුමක් ලබාදිය යුත්තේ බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය එකතු වීමෙන් බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කලේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ අනුදි Head to Head අභියෝගයෙන් ආසියාවේ ඉහලම 5 දෙනා අතරට
Next Article එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්
kumudika

Related Posts

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.