මේ දක්වා ලංකාවේ තේ කර්මාන්‍තශාලා 225 ක් වැසීගොස් ඇති බව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ මහතා කීවේය.
ඇල්පිටිය රෑකඩහේන තේ කර්මාන්තශාලා පරිශ්‍රයේ පැවති ගාලු දල්ලෙන් රටට ගැම්මක්, පිවිතුරු තේ දලු ක්‍රියාන්විතය නමින් නම් කරන වැඩසටහනේදී ගාලු දිසාවේ කුඩා තේ වතු හිමියන් දැනුම්වත් කිරීම නිමිත්තෙන් පැවති වැඩමුළුවක් අමතා නිමල් උඩුගම්පොළ මහතා මේ බව පැවසීය.

මේ වැඩමූලුව සදහා Evergreen තේ කර්මාන්තශලා සමූහයේ අධ්‍යක්ෂක දුෂර ගීගනගේ, සාමාන්‍යාධිකාරී B.W.T.නදීශන කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රෝහිත වෛද්‍යරත්න, එම අධිකාරියේ ප්‍රාදේශීය කළමණාකරු ඉන්දික මොහොට්ටි ලංකා තේ මණ්ඩලයේ සහකාර කොමසාරිස් L.K.අජිත්,ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ ප්‍රදීප් අල්විස් යන මහත්වරුන්ද සහභාගී වූහ.
මෙසේ තේ කර්මාන්තශාලා වැසීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ තේ දලු හිඟය බවද එහිදී තවදුරටත් අදහස් දැක්වූ නිමල් උඩුගම්පොළ මහතා කීය.
තේ දළු අස්වැන්න අඩුවීමත් එන තේ දල්ලේ ගුණාත්මක භාවය අඩුවීමත් තේ දළු හිඟයට බලපා ඇති අනෙක් සාධකයන් බවද ඒ මහතා කීවේය. පවතින මේ තේ දළු හිඟය නිසා තේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවත් මේ ආකාරයට අපේ රටේ තේ කර්මාන්තයට ඉදිරියට යන්නට දෙන්න බැරි බවත් උඩුගම්පොළ මහතා පැවසීය.
2030 වසරේ නිමි තේ කිලෝග්‍රෑම් දසලක්ෂ හතලික් නිෂ්පාදනය කළ යුතු බවට ඉලක්කයක් දී ඇති බවත් වසර 157ක් වන ශ්‍රී ලංකා තේ කර්මාන්ත ඉතිහාසය තුළ මේසා විශාල තේ නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ කර නැති බවත් මෙතෙක් රටේ වැඩිම නිමි තේ නිෂ්පාදනය කර ඇත්තේ 2013 වසරේදී බවත් එය නිමි තේ කිලෝග්‍රෑම් දස ලක්ෂ තිස් හතරක් පමණක් බවත් නිමල් මහතා එහිදී කීවේය.
මේ වනවිට දිවයිනේ තේ කර්මාන්තශාලා දෙසීය විසිපහක් වැසී ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොල මහතාගේ ප්‍රකාශය පිළීබදව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් මහේෂ් ජයවර්ධන මහතාගෙන් විමසූවිට මෙසේ කීවේය.