Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් හමු වෙයි
Sri Lankan news

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් හමු වෙයි

kumudikaBy kumudikaMay 28, 2025Updated:May 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා නවදිල්ලියට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ(27) හමුවී තිබේ.

ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ හැකියා වර්ධන වැඩසටහනක් සඳහා සහභාගී වූ එම නියෝජිත පිරිස මෙලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා හමුවී ඇත.

අමාත්‍ය ජයශංකර් ‘X’ ගිණුමෙහි තැබූ සටහනක දැක්වෙන්නේ, ත්‍රස්තවාදය හෙළාදැකීම සහ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස කනගාටුව පළකිරීම පිළිබඳව අගය කරන බවයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා සිය කැපවීම නැවත අවධාරණය කළ බවත්, අසල්වැසියන් වශයෙන් ශක්තිමත් මහජන සබඳතා මඟින් පදනම් වූ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහු තවදුරටත් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ 24 දෙනෙක්ගෙන් යුත් මෙම කණ්ඩායම නවදිල්ලියේ පැවති හැකියා වර්ධන වැඩසටහන සඳහා පසුගිය සතියේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.

නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකු සහ මහලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 4 දෙනකු ඇතුළත්ය.

මැයි 26 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ව්‍යවස්ථාදායක සභාව සහ අයවැය ක්‍රියාවලීන්, පාර්ලිමේන්තු කමිටු පද්ධතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර පවතින ගැටළු අනෙකුත් කරුණු ඇතුළත් වේ.

Asia Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි,Wafi City හි ලොව විශාලතම වීසා අයදුම්පත් මධ්‍යස්ථානය විවෘත කරයි
Next Article ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් වාහන පරික්ෂණ සේවා සඳහා Pre booking සේවාවක් අරඹයි
kumudika

Related Posts

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

කොරෝනා උපදෙස් පිළිපදින්න – සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්

June 1, 2025

වංචා දූෂණ වලට සම්බන්ධ දේශපාලඥයන් පිරිසක් රට පැනීමට සැරසෙයි

June 1, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.