නිල දත්තවලට අනුව, මාස දෙකකට පෙර ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු අප්‍රේල් මාසයේදී දිවයිනට ගෙන්වා ඇති වාහනවල වටිනාකම ඩොලර් මිලියන 107කි.
ඩොලර් මිලියන 344 ක මූල්‍ය වටිනාකමකට ආයෝජන භාණ්ඩ ගෙන්වා ඇති අතර, එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වැයකර ඇති මුදලට වඩා අමරිකානු ඩොලර් මිලියන 115 ක වැඩිවීමකි.
පසුගිය වසරට සාපේක්ෂව ආයෝජන භාණ්ඩ සඳහා මිල වැඩිවීමට වාහන ආනයනය හේතු වී තිබේ.