Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»Clean Sri Lanka යටතේ සාගර පතුලත් පිරිසිදු කරයි
Sri Lankan news

Clean Sri Lanka යටතේ සාගර පතුලත් පිරිසිදු කරයි

kumudikaBy kumudikaJune 3, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් (02) ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම මෙහි අරමුණ වේ.

කොරල්පර පරිසර පද්ධතිවලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී Crown-Of-Thrones නමින් හඳුන්වන Star Fish ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත.

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුතුය. මෙම දූපත ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක් වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි. මෙමගින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර සංරක්ෂණය සඳහා ඇති වෙමින් පවතින කැපවීම හා උනන්දුව පිළිබිඹු වූ අතර, සාගර සුරක්ෂිතතාව පිළිබඳ මෙරට පුරවැසියන් තුළ ඇති විය යුතු වගකීමද ප්‍රදර්ශනය විය.

2025 වසරේ ජනවාරි මස 01 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භ කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට පුළුල් ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමාන පාරිසරික, සමාජීය සහ පාලන අභියෝගවලට විසදුම් සෙවීම තුළින් ශ්‍රී ලංකාව වඩාත් පිරිසිදු, හරිත හා සදාචාරාත්මක පදනමක් සහිත දේශයක් බවට පරිවර්තනය කිරීම එහි මූලික අරමුණය.

මෙම ජාතික වැඩසටහනින් අපේක්ෂිත පාරිසරික තිරසාරභාවය යනු, වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය, ජෛව විවිධත්වය සුරැකීම, ජලය සංරක්ෂණය, වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීමෙන් හරිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය ආදිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර දිගුකාලීන පාරිසරික සමතුලිතතාව සහතික කිරීමයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleStarlink ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න සූදානම්
Next Article එමීර් රාජ්‍යයේ නව තානාපතිනිය, ව්‍යාපාරික ප්‍රජාව ප්‍රමුඛ ශ්‍රී ලංකිකයන් ඩුබායි හිදී හරසරින් පිළි ගනියි
kumudika

Related Posts

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.