මේ වසරේ මුල් මාස හතරක කාලයේදී අමෙරිකානු ඩොලර් මිලියන 650ක විදෙස් ඍජු ආයෝජන දිවයිනට ලැබී තිබෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

එම කාලයේදී ව්‍යාපෘති 64 ක් වෙනුවෙන් එම ආයෝජන ලැබී තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. පසුගිය 2024 වසරේදී ව්‍යාපෘති 93 වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 724ක් දිවයිනට ලැබී තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා ඊට සාපේක්ෂව මේ වසරේදී විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව සඳහන් කළේය.

ඊට අමතරව 2023 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 483ක විදෙස් ඍජු ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බව සඳහන් කළ සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ අනුව මේ වසර අවසානය වන විට විශාල ආයෝජන ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.