කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ මූලික පියවරක් ලෙස ඊයේ(04) දින සිට ගුවන්තොටුපොළ තුළ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් ඇරඹිණි.
මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථය ඊයේ දින සිට ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කරයි.
මෙම සේවාව පැය 24 පුරා සතියේ දින 7 තුලම ක්‍රියාත්මක වීමට ද නියමිතය.
දැනට පුද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ මෙම සේවය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.
මෙම සේවාව සපයන බස් රථ වල සේවය කරනු ලබන සේවක මහතුන් හට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා වූ නිසි පුහුණුවක් ලබාදීමෙන් පසුව මෙම සේවයේ යොදවනු ඇත.
රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පහසුවෙන් පැමිණීමේ අවස්ථාව මගී ජනතාවට මෙමඟින් හිමි වේ.
ගුවන්තොටුපොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කිරීමට හැකි වූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පෙන්වා දෙති.