තායිලන්තයේ පැවති 23 වැනි “Man Hunt International ” තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්රී ලංකාවේ පියුමාල් සිතුම් පත්තුවේආරච්චි සමත් වී තිබේ. එහි ශූරතාව හිමිවූයේ ප්රංශයටය. තුන්වන ස්ථානය ජැමෙයිකාවට හිමි විය.
ජුනි 02 වැනිදා සිට 10 වැනිදා දක්වා තරගාවලිය තායිලන්තයේ පැවැත්වුණි.
මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වන මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වන ස්ථානය හිමිකරගෙන තිබුණි.