සාජා හි විශ්මයජනක කාන්තාර භූ දර්ශනය තුළ සංස්කෘතිය, සම්බන්ධතාවය සහ තිරසාරභාවය පිළිබඳ දින තුනක සැමරුමක් අපේක්ෂා කල හැකිය.

පසුගිය වසරේ විශිෂ්ට මංගල දර්ශනයකින් පසු Tanweer උත්සවය 2025 නොවැම්බර් 21 සිට 23 දක්වා Mleiha කාන්තාරයට බෙහෙවින් සුවිශේෂී ඉසව්වක් පැමිණේ. එය සාජා හි වඩාත් කැපී පෙනෙන භූ දර්ශනවලින් එකක් තුළ පිහිටා ඇති කලාව, සංස්කෘතිය, සංගීතය ආදි විචිත්‍රවත් සංකලනයක ගිලී යාමට පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරාධනා කරන ගමනකි.

සාජා පාලකයාගේ දියණිය වන ෂීකා බෝඩූර් බින්ට් සුල්තාන් අල් කාසිමි මැතිණියගේ සංකල්පයක් වන මෙම උත්සවය සංස්කෘතික එකමුතුව, මානව සම්බන්ධතාවය සහ තිරසාරභාවය සඳහා ඇයගේ ගැඹුරු ආශාව පිළිබිඹු කරයි. කවියෙකු වන රූමිගේ ඉගැන්වීම්වලින් ආභාෂය ලබා ගනිමින්, මෙම වසරේ තේමාව – “ඔබ සොයන දේ ඔබව සොයයි” යන්නය. නිර්මාණශීලිත්වය තුළින් බාහිර ප්‍රකාශනය සමරන අතරතුර අභ්‍යන්තරය දෙස බැලීමට සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටියි.
උත්සවය නිර්මාණය කර ඇත්තේ පුද්ගලික සහ සාමූහික අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා ය. ඉගෙනීමට, විවේක ගැනීමට, නිර්මාණ කිරීමට මෙම උත්සවයේදී අවස්ථාව හිමි වේ.
The Dome, The Tree Of Life ඇතුලු ඉසව් රැසක් මීට ඇතුලත් වේ.