Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Sri Lankan ගුවන් සේවයෙන් මගීන්ට නිවේදනයක්

June 14, 2025

ජනාධිපති අරමුදලේ සියලුම වැඩ අන්තර්ජාලය ඔස්සේ

June 14, 2025

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී
UAE Sri Lankan

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

kumudikaBy kumudikaJune 13, 2025Updated:June 14, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සහන සුබ සාධන සංගමයේ 8 වන වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා Al Bustan Center & Residence හිදී පැවැත් විණි. මේ සඳහා එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනිය මහාචාර්ය අරූෂා කුරේ මැතිණිය සහ ඩුබායි කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ආරාධිත ඇරයුමෙන් සහභාගී වූහ. සංගමය සඳහා නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත් කර ගැනීම මෙදින සිදු විණි.

ඒ අනුව නව සභාපතිවරයා ලෙස සංජය රෝහිත ජිරසිංහ මහතා සහ උප සභාපතිවරයා ලෙස මදුජිත් රංග හේරත් මහතා තේරී පත් විය. නව ලේකම්වරයා ලෙස තෝරා ගැනුණේ මහේෂ් උපේන්ද්‍ර මහතාය. සමීර ධනංජය හේවාපතිරණ මහතා භාණ්ඩාගාරික ලෙස තෝරා ගැනුණි. කාර්යය මණ්ඩල කළමණාකරු වන්නේ දිනේෂ් ඩී සිල්වා මහතාය.

මේ අතර නව අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස ධනික නන්දික තේනුවර ගමගේ, ෆාතිමා සිල්මියා රාසික්, Natasha Soomoon, Saud Abdulla Juma Humaid Al Ali හා Jawaher Ahmed Al Blooshi යන අය තේරී පත් විය.

නව නිලධාරී මණ්ඩලය

හිටපු නිලධාරී මණ්ඩලය

සහන සුබ සාධන සංගමයේ සුබ සාධන ව්‍යාපෘති ඇතුළු සියළු කටයුතු සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් නිරතුරුව සංගමය සමඟ අත්වැල් බැඳ සිටින Dubai Lanka News අප ආයතනයට සහ Affinivo Advertising ආයතනයට ඇගයුම් සම්මාන ලබා දීමද මෙදින සිදු කෙරිණ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් 2013 වසරේදී පිහිටවනු ලැබූ සහ​න සුභසාධ​ක සංගමය, 2015 වසරේ සිට නිත්‍යානුකූලව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ ශ්‍රී ලාංකික සමාජ සේවා සංවිධානය ලෙස සහ​න සුභසාධ​ක සංගමය එහි වැඩ කටයුතු දියත් කරනු ලැබීය.

එහි ආරම්භයේ සිට මේ දක්වා සමාජසේවා ස​හ සුභසාධ​න ​කටයුතු ඔස්සේ සංගමය අසරණ භාවයට පත් වූ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට උපකාර කිරීමටත්, ඩිරාම් මිලියන ගණනක් ලාංකික ජනතාවගේ සුබ සාධනය සඳහා වෙන් කර තිබේ.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleMleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී
Next Article නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි
kumudika

Related Posts

Sri Lankan ගුවන් සේවයෙන් මගීන්ට නිවේදනයක්

June 14, 2025

ජනාධිපති අරමුදලේ සියලුම වැඩ අන්තර්ජාලය ඔස්සේ

June 14, 2025

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.