­ඉරා­නයේ පව­තින යුධ­මය වාතා­ව­ර­ණය හේතු­වෙන් ටෙහෙ­රාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යාලය තාව­කා­ලි­කව ඉවත් කිරී­මට රජය තීරණය කළ බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේ­න්තු­වේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

ඉරා­න­යට දිගින් දිග­ටම එල්ල වන ප්‍රහාර හේතුවෙන් තානා­පති කාර්යා­ලයේ කට­යුතු අඛණ්ඩව පව­ත්වා­ගෙන යෑමේ ගැටලු පව­තින බව පෙන්වා දුන් ඒ මහතා මේ හේතු­වෙන් තානා­පති කාර්යාල නිල­ධා­රීන් සහ එම කාර්යා­ල­යට එකතු වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 08 දෙනා තානා­පති පිරිස තානා­පති කාර්යා­ලය මඟින් ඉරා­නයේ උතුරු ප්‍රදේශය වෙත රැගෙන යෑමට පිය­වර ගත් බව ද පැව­සීය.

මැද­පෙ­ර­දිග මතුව ඇති යුධ­මය තත්ත්වය සම්බ­න්ධයෙන් පාර්ලි­මේ­න්තු­වේදී විශේෂ ප්‍රකා­ශ­යක් කරමින් ඇමැ­ති­ව­රයා මේ අද­හස් පළ කළේය.

මැද­පෙ­ර­දිග මතුව ඇති යුධ­මය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකි­ක­යන් සිව්දෙ­නකු තුවාල ලබා ඇති බව ද සඳ­හන් කළ ඇමැ­ති­ව­රයා ඉන් එක් අය­කුගේ තත්ත්වය බර­ප­තළ වන නමුත් අනෙක් තිදෙ­නාගේ තත්ත්වය බර­ප­තළ නොවන බව ද තුවාල ලැබූ­වන් අත­රින් තිදෙ­නකු කාන්තා­වන් බව ද සඳ­හන් කළේය.

කෙසේ වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රා­ය­ලයේ සේවය කරන ශ්‍රී ලාංකි­ක­යන් වන අතර තානා­පති කාර්යා­ලය මැදි­හත් වීමෙන් ඔවුන් සම්බ­න්ධ­යෙන් අවශ්‍ය කට­යුතු සොයා බල­මින් සිටින බව ද ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකි­ක­යන් 20,000ක් පමණ සේවය කර­මින් සිටින අතර ඉරා­නය තුළ ශ්‍රී ලාංකි­ක­යන් 35 දෙනකු රැඳී සිටින බව ද පැව­සීය. එයින් 8 දෙනකු ඉරාන ජාති­ක­යන් සමඟ විවාහ වී සිටින බව ද ඒ මහතා සඳ­හන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version