ලංකාව ද්විපා­ර්ශ්වික ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ ක්‍රියාව­ලියේ තවත් සුවි­ශේෂ අවස්ථාවක් සනි­ටු­හන් කර­මින් ප්‍රංශය සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරීමේ ගිවි­සු­මට එළැ­ඹිණි.

ප්‍රංශ ජන­ර­ජය සහ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජය අතර විදේශ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යට අදා­ළව ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම පිළි­බඳ ගිවි­සුම අත්සන් කිරීම ඒ අනුව සිදු විය.

ප්‍රංශ ජන­ර­ජය සහ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජය අතර විදේශ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යට අදා­ළව ප්‍රංශ ජන­ර­ජය සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම පිළි­බඳ ද්විපා­ර්ශ්වික ගිවි­සුම අත්සන් කිරීම විදේශ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලියේ වැද­ගත් සන්ධි­ස්ථා­න­යකි. ණය තිර­ස­ර­භා­වය යථා තත්ත්ව­යට පත් කිරීම සහ එම­ඟින් ශ්‍රී ලංකාවේ ආර්ථි­කය නැවත ගොඩ­නැ­ඟීම සඳහා ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලිය කඩි­න­මින් නිම කිරී­මට ශ්‍රී ලංකා රජයේ ඇති කැප­වීම පිළිබඳ එය සාක්ෂි දරයි.

ජපා­නය සහ ඉන්දි­යාව සමඟ නිල ණය­ හිමි කමිටුවේ සම සභා­ප­ති­ත්වය දර­මින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යට නාය­ක­ත්වය දීමේදී ප්‍රංශ ජන­ර­ජය වැද­ගත් කාර්ය­භා­ර­යක් ඉටු කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථි­කය ප්‍රකෘ­ති­මත් කිරීමේ අභි­යෝ­ග­යන්ට මුහු­ණ­දීම සඳහා සහ­යෝ­ගය දැක්වී­මේදී එහි නාය­ක­ත්වය, කැප­වීම සහ ඵල­දායී මැදි­හ­ත්වීම මඟින් දාය­ක­ත්වය දී ඇත.

ණය තිර­ස­ර­භා­වය යථා තත්ත්ව­යට පත් කිරීම සඳහා අර්ථා­න්විත ප්‍රග­ති­යක් ළඟා කර ගැනී­මට ශ්‍රී ලංකා රජ­යට මෙම­ඟින් හැකි­යාව ලැබී ඇත. මීට අදාළ නිල අත්සන් කිරීමේ උත්ස­වය පෙරේදා (16) කොළ­ඹදී පැවැ­ත්විණි.

ද්විපා­ර්ශ්වික ණය ගිවි­සුම ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරි­ව­ර්ධන මහතා සහ ප්‍රංශ ජන­ර­ජය වෙනු­වෙන් බහු­පා­ර්ශ්වික කට­යුතු, වෙළෙඳ හා සංව­ර්ධන ප්‍රති­පත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර ලේකම්, භාණ්ඩා­ගාර අධ්‍යක්ෂ ජන­රාල්, විලි­යම් රූස් මහතා විසින් අත්සන් කරන ලදි.

ප්‍රංශ ජන­ර­ජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්ති­මත් සහ දිගු­කා­ලීන ද්විපා­ර්ශ්වික සබ­ඳතා තව­දු­ර­ටත් වර්ධ­නය කිරී­මට මෙම ණය ගිවි­සුම අත්සන් කිරීම තුළින් හැකි­යාව ලැබෙනු ඇත.

මේ අව­ස්ථා­වට මුදල්, ක්‍රම­ස­ම්පා­දන රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහ­ත්වරු එක්ව සිටි­යහ.

Share.

Comments are closed.

Exit mobile version