සීතල කාලගුණය වර්ධනයත් සමගම කොරොන වයිරසයට වඩා වර්ථමානයේ උණ බහුලව දක්නට ලැබෙයි.

පසුගිය සති කිහිපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් රෝග වැඩි වෙමින් පවතින බව වෛද්‍යවරු පවසති. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවෙන් සහ බරපතලකමෙන් අඩු වී ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

උණ වැඩිවීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස වෛද්‍යවරැ පවසන්නේ කොරොනා රෝගය නිසා මුඛ ආවරණ සදහා යොදා තිබුණු නීති හා රෙගුලාසි සහ සමාජ දුරස්ථභාවය ලිහිල් කිරීමයි.

මෙම උණ-රෝගය දිගු කාලයක් පවතින බවත්, සමහර විට දින 5-7 දක්වා පවතින වෛද්‍යවරු සඳහන් කරයි.

Share.

Comments are closed.