සාප්පු සවාරි සදහා ලොව සුප්‍රසිද්ධ ඩුබායි ශොපින් ෆෙස්ටිවල් සැණකෙළිය මෙම මස 15වෙනිදා සිට ජනවාරි 29 වෙනිදා දක්වා ග්ලෝබල් විලේජ් මුල්කොටගෙන ඩුබායි නගරය පුරා පැවැත්වේ.
සාප්පු සවාරි යන්නන්ගේ පාරාදීසයක් ලෙසද මෙම සැණකෙළිය හැඳින්වේ.

සාප්පු යන්නන් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ වට්ටම් සහිත මිල ගණන් යටතේ විවිධ වෙළද භාන්ඩ පිරිනැමීම මෙම සැණකෙළියේ ඇති විශේෂත්වයයි. ගනුදෙනු වලින් සහ ගනුදෙනු කරැවන්ගෙන් පිරී ඇති නගරයක් මේ කාලසීමාවේදී දැක ගත හැකිය.

විශාල විකුණුම්කරුවාගේ සිට කුඩා සාප්පු හිමිකරු දක්වා සෑම කෙනෙකුටම පිරිනැමීමට විශේෂ පිරිනැමීම් ඇත. මෙමගින් ඔවුන්ගේ වෙළදාම් වැඩිකරගැනීම මූලික පරමාර්ථ යයි. මෙම කාලසීමාව තුලදී වෙළදාම් වලට අමතරව නගරයම සැණකෙලි සිරියක් ගනී.

සාප්පු සවාරි ප්‍රීතිය අත්විඳීමට අමතරව එම සැණකෙලියට සහභාගීවන්නන්ට ප්‍රීතිවිය හැකි අවස්ථා බොහොමයක් උදාකර දීම එම සැණකෙලියේ විශේෂත්වයයි. විවිධ දේශයන්ට අයත් ආහාරපාන, සංගීත සහ නර් තන, විලාසිතා සංදර් ශන මෙහි බහුලව දක්නට ලැබේ.

Share.

Comments are closed.