අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කැරට් 22 කට වැඩි රන් භාණ්ඩ පැලඳ ගුවන් මඟින් පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර් ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමඟින් කිසිදු පීඩාවක් ඇති නොවන බව ඇමැතිවරයා පෙන්වා දෙනවා. ගුවන් මගීන්ට පැලඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්රන් කිලෝ 50 ක් පමණ ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන බවට තොරතුරු අනාවරණ වී ඇති බව වැඩිදුරටත් එතුමා පැවසුවා.

Share.

Comments are closed.