යාවත්කාලීන දෙස් විදෙස් මාධ්‍ය කරණයේ නව්‍ය සළකුණක් ලෙසින් ඩුබායි ලංකා නිවුස් සමාජ මාද්‍ය ජාලය අද සිට සයිබර් අවකාශයට මුදා හැරැණා.

මෙමගින් විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට, සංචාරකයින්ට සහ වයාපාරිකයින්ට විදෙස් රටකදී අවශ්‍ය කරන යාවත්කාලීන වූ තොරතුරු ගෙනඑ්මට නියමිතයි.

හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් ඩුබායි එයාපෝට් හොටෙල් පරිශ්‍රයේදී
ඩුබායිහි කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න මහතා සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ඇතුලු ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් එම කටයුතු සිදුවුණා.

අද සිට දෙස් විදෙස් ප්‍රේක්ෂක පිරිසට සයිබර් අවකාශය ඔස්සේ ඩුබායි ලංකා නිවුස් Youtube චැනලය ජනගත වන අතර ඒ ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාවෙන් ප.ව. 8.00 ට දිනපතා පුවත් විකාශනයක් ගෙන ඒමට කටයුතු සලසා තිබෙනවා.

කාලීන, දේශීය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුවත්, යාවත්කාලීන විශේෂිත තොරතුරු රැසක් මේ ඔස්සේ ගෙන ඒමට අපේක්ෂිතයි.

ඩුබායි ලංකා නිවුස් වෙබ් පිටුව වෙත www.dubailankanews.com මගිනුත්, ඩුබායි ලංකා නිවුස් ෆේස්බුක් පිටුව මගිනුත්, ඩුබායි ලංකා නිවුස් Youtube චැනලයට dubailankanews ඔස්සේත් ප්‍රවිෂ්ඨ විය හැකියි.

යාවත්කාලීන වූ යතාර්ථවාදී ප්‍රවෘත්ති විමසුමක් ලෙසින් මෙතැන් සිට සයිබර් අවකාශයේ පුවත් සන්නාමයක් බවට ඩුබායි ලංකා නිවුස් ප්‍රවෘත්ති විකාශය පත් වනු ඇති.

For your attention.
ඩුබායි ලංකා නිවුස් වෙබ් පිටුව වෙත www.dubailankanews.com මගිනුත්, ඩුබායි ලංකා නිවුස් ෆේස්බුක් පිටුව හා Youtube චැනලයට dubailankanews ඔස්සේත් ප්‍රවිෂ්ඨ විය හැකියි.

Share.

Comments are closed.