විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් වලට හරවනු ඇතැයි යන කටකතා සම්පුර් ණයෙන්ම සාවද්‍යයි.

විදේශ ප්‍රේෂණ මත කිසිදු බද්දක් අය නොකරන අතර, විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම් වල තබා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදේ සිදුකල හැක.

තවද, විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ දිරිදීමනා අඛණ්ඩව තව දුරටත් ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසක් නොමැතිව බුක්ති විඳිය හැකි බව එම බැංකු නිවේදනයේ සදහන්වේ.

Share.

Comments are closed.