රටක් ආදරය කරන ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලක මෙන්ම ඔහුගේ ආදරණීය බිරිඳ චන්ද්‍රලේඛා පෙරේරා කාලයක් සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළ ප්‍රසිද්ධියක් රදවාගත් ගායන ශිල්පීන් යුවලක්.
රටක් ආදරය කරන මේ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. එය ඩුබායිහීදී ඉතා චාම් ලෙස සමරන්නට යෙදුන අතර ඒ වස්ථාවට ඔවුන් දෙපල ඔවුන්ගේ ලගම යහළු යෙහෙලියන් කිහිප දෙනෙකු එක් කොට ගෙන තිබුණා.
එදා පටන් අද වන තුරුත් සංගීත ලෝලීන් අතර මේ ආදරණීය යුවලට ඇත්තේ දැඩි ඇල්මක් හා ආදරයක්. මේ දෙපළ මෙන්ම ඔවුන්ගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඔවුන් වගේම සංගීත ක්ෂේත්‍රයට යොමු වී ඔවුන්ගේම ආරයකට වෙනස්ම ගීත ගයමින් සංගීත ක්ෂේත්‍රයේ නමක් සහ ජනප්‍රියත්වයක් රදවාගන්නට හැකි වී තිබෙනවා.

Share.

Comments are closed.