එක්සත් අරාබි එමීර් මහ බැංකුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීතිරීතිවලට අනුකූල නොවීම සහ නිසි සැලකිල්ලක් නොදැක්වීමේ හේතුව මත විනිමය ආයතනයකට ඩොලර් මිලියන 1.925 ක දඩයක් නියම කොට තිබෙනවා.

විනිමය හුවමාරු ආයතනයේ නම හෙළි නොකල අතර,මහ බැංකුව ප්‍රකාශ කළේ, “සමහර ව්‍යාපාරික සබඳතාවලට එළැඹීමට පෙර මහ බැංකුවෙන් අනුමැති ලිපි ලබා ගැනීමට විනිමය ආයතනය අපොහොසත් වූ” බව විමර්ශනයකින් හෙළි වීමෙන් පසුව සමාගමට මූල්‍ය සම්බාධක පැනවූ බවයි.

සෑම වසරකම ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රේෂණ සහ මුදල් හුවමාරු කර් මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ හුවමාරු ආයතනයි. නීතිරීතිවලට අනුකූල නොවීම හේතුවෙන් මහ බැංකුව විසින් විනිමය ආයතනවලට මූල්‍ය සම්බාධක පැනවීමට තීරණය කොට තිබෙනවා.

මහ බැංකුව පැවසූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සියලුම විනිමය ආයතන, ඒවායේ හිමිකරුවන් සහ කාර්ය මණ්ඩලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති, රෙගුලාසි සහ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන බවට මහ බැංකුව සහතික වන බවයි.

Share.

Comments are closed.