කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීහු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම මෙය බව රේගු අධිකාරී නුවන් අබේනායක ප්‍රකාශ කර තිබේ.
මෙම වැටලීම සිදු කර තිබෙන්නේ ඉන්දීය බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් ලබා දී තිබූ තොරතුරු මත යි.

Share.

Comments are closed.