ජාත්‍යන්තර ‘ටයිම්’ සඟරාව සෑම වසරකම ‘වසරේ පුද්ගලයා’ (Person of the Year) යනුවෙන් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ නම් කරනු ලබනවා.

‘2022 වසරේ පුද්ගලයා’ ලෙස ඔවුන් නම් කර ඇත්තේ මේ වනවිට යුද්ධයකට මැදි වී සිටින යුක්රේනයේ ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සහ ‘යුක්රේනයේ ජීව ගුණය’යි. ගෙවී ගිය වසරක කාලය තුළ ලෝකයට වැඩිම බලපෑමක් කළ පාර් ශ්වයක් මෙලෙස නම් කිරීමට ටයිම් සඟරාව කටයුතු කරයි. මෙහි දී ‘යුක්රේනයේ ජීව ගුණය’ ලෙස හඳුන්වා ඇත්තේ ලොව පුරා විසිර සිටින, තිරයෙන් පිටුපස සිට යුක්රේනය වෙනුවෙන් සටන් කළ යුක්රේනුවන් බව සඟරාවේ සංස්කාරක එඩ්වඩ් ෆෙල්සෙන්තාල් පවසා තිබිණි.

සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත්වීමට පෙර ප්‍රසිද්ධියට පත්ව සිටියේ විකට නළුවකු ලෙසිනි. ඔහු යුක්රේනයේ ජනාධිපති ලෙස පත් වූයේ 2019 වසරේය. පසුගිය පෙබරවාරි මාසයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔහු ඊට මුහුණ දුන් ආකාරය සහ යුක්රේනයට නායකත්වය ලබා දුන් ආකාරය බොහෝ
පාර් ශ්වවල පැසසුමට ලක්ව තිබේ. ‘ටයිම්’ සඟරාව මෙවර වසරේ පුද්ගලයා තේරීමේදී චීන ජනාධිපති ෂි ජින්පිං, ඉරානයේ විරෝධතාකරුවන්, ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වැනි පාර් ශ්වද ඒ සඳහා නිර් දේශ වී තිබූ බව සඳහන්වෙනවා.

Share.

Comments are closed.