අයහපත් කාලගුණයත් සමග ඊයේ (08) රාත්‍රියේ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500ක් පමණ මියගොස් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන්, අධික සීතලෙන් සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවි ජනතාව දැඩි උත්සාහයක නිරතවෙන බව එම ප්‍රදේශවලින් වාර් තා වෙනවා.

ඒ සඳහා ගොවි ජනතාව විසින් දර සහ වෙනත් ද්‍රව්‍ය යොදා ගනිමින් ගිනිමැල ගසා ඇති බව වාර් තා වුනා.

Share.

Comments are closed.