ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දේශපාලනමය වශයෙන් ඇඟිලි ගැසීම් සිදු නොකරන ලෙස දන්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ ලිපියක් නිකුත් කොට තිබෙනවා. එහි පිටපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධරයන්ට ලැබී ඇතැයි ද වාර් තා වෙනවා.
යම් හෙයකින් එවන් ඇඟිලි ගැසීමක් සිදුකොට අනවශ්‍ය බලපෑම් සිදු කරන්නේ නම් ඒ ගැන පරීක්ෂා කිරීමට විශේෂ නියෝජිතයකු
ශ්‍රී ලංකාවට එවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වන බව ඔවුන් දන්වා තිබෙනවා.

ඒ අතර මෑතක සිට දේශපාලන ක්ෂේත්‍රයට හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බලවත් පාර් ශ්වයක් විසින් විවිධ හේතු ඉදිරිපත් කරමින් නැවතත් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවටද තොරතුරු වාර් තා වෙනවා. එම තොරතුරුද පදනම්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අවවාදාත්මක ලිපිය නිකුත් කර ඇතැයි වැඩිදුරටත් වාර් තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වසරකට ඩොලර් මිලියන 3 ක පමණ අනුග්‍රාහක දීමනාවක් ලබා දෙන අතර තරගාවලි වැඩිපුර පැවැත්වෙන විට මෙම මුදල තවත් ඉහළ යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොකළ යුතු බවට අයිසීසියේ මෙම විශේෂ නිවේදනය ක්‍රිකට් බලධරයන් විසින් ක්‍රීඩා අමාත්‍යංශයටද යොමුකර ඇතැයි දැනගන්නට ඇත.

Share.

Comments are closed.