භෞතික සම්පත් සංවර්ධනය සදහා සිව්මහ නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය නගර හදුනා ගැනේ. එම නගර යා කරමින් ආර් ථික කොරිඩෝ 9 ක් ද හදුනා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

මෙරට ප්‍රධාන වාණිජ හා මූල්‍ය නගරය ලෙස කොළඹ නගරය හදුනා ගෙන තිබේ. ඉදිරි වසර 8 සදහා කොළඹ නගර සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත. 

හම්බන්තොට නගරය සංවර් ධනය කිරී ම සදහා සැකසුනු හම්බන්තොට විසල් නගර සංවර් ධන සැලැස්ම යාවත්කාලීන කිරීමට අපේක්ෂිතයි. 

ත්‍රිකුණාමල නගරය ප්‍රධාන වාණිජ නගරයක් ලෙස හදුනා ගෙන පළාත් පාලන ආයතන කිහිපයක් ඇතුලත් වන පරිදි ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම සැකසීම මේ වන විට ආරම්භ වී තිබේ

යාපනය අර්ධද්වීපය සදහා ද සංවර්ධන සැලැස්මක් මේ වන විට සැකසෙමින් පවතින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. 

මෙම සිව්මහ නගර සංවර්ධන ව්‍යාපෘති වලට සමගාමීව දඹුල්ල, නුවර හා ගාල්ල සංවර්ධන කටයුතු ද ආරම්භ කර තිබේ

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පවතින ආර් ථික තත්ත්වය මත තාවකාලිත පසුබෑමකට ලක්ව ඇති මෙවැනි මහා පරිමාණ ව්‍යපෘති ලබන වසර තුළ කඩිනම් කරන බවයි. ඒ සදහා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර ඇති බවත්, ඊට ජනාධිපතිවරයාගේද එකගත්වය පළව ඇති බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී. 

Share.

Comments are closed.