ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය සඳහා වන ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට තීරණය කර ඇත.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු රජයේ නියෝජිතයන් දෙසැම්බර් (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර් යාලයේදී හමුවී ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතාව සඳහා ප්‍රසම්පාදන කටයුතු වහාම ආරම්භ කිරීමට තීරණය කර ඇත. 

මාර් තු 28 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ දිගුවක් ලෙස මෙම ව්‍යාපෘතියට අදාළව මෙම ඒකාබද්ධ කමිටුව දෙවැනි වරටත් රැස්විය.

සාකච්ඡාවේදී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කරන ලද අතර, එය සාර්ථකව නිම කිරීම සඳහා අවශ්‍ය ද්විපාර් ශ්වික කරුණු පිළිබඳව අවධානය යොමු කොට ඇ ත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර් තමේන්තුව විසින් හඳුන්වා දීමට නියමිත ඩිජිටල් ජාතික හැඳුනුම්පත ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සමඟින් නව මුහුණුවරක් ගනු ඇත. 

වයස අවුරුදු 15 සහ ඊට වැඩි පුරවැසියන්ගේ චරිතාපදාන තොරතුරු, ජෛවමිතික ලක්ෂණ, (මුහු ණ, ඇස් සහ ඇඟිලි සලකුණු) ඇතුළුව මධ්‍යගත පද්ධතියක් ලෙස ජාතික පුරවැසි ලේඛනයක් නිර් මාණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සහාය වනු ඇත. 

ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා පද්ධතියට ලියාපදිංචි වීමෙන් පසු දත්ත වෙනස් කිරීම, අනවසර ප්‍රවේශය සහ අනන්‍යතා සොරකම් තවදුරටත් කළ නොහැක. මෙය අනවසර භාවිතය සහ සයිබර් අපරාධ වැළැක්වීමට ද උපකාරී වනු ඇත. 

Share.

Comments are closed.