එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටේ කෘෂි තාක්‍ෂණික ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා දේශීයව වගා කරන නිෂ්පාදන මිලදී ගන්නා ලෙස සන්නද්ධ හමුදා සහ රෝහල් බලධාරීන් වැනි රජයේ ආයතනවලට උපදෙස් දී ඇති බව දේශගුණික විපර් යාස හා පරිසර අමාත්‍යවරයා දැනුම් දී ඇත. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එහි ආහාරවලින් 90% ක් ආනයනය කරන අතර, විවෘත වෙළඳ ප්‍රතිපත්තිය දිගටම පවත්වා ගනිමින් දේශීය නිෂ්පාදනයට සහාය වීම සඳහා පසුගිය මාසයේ පැවති වාර් ෂික රජයේ රැස්වීමකදී තීරණය ගත් බව අබුඩාබි හි පැවති ලෝක ප්‍රතිපත්ති සමුළුවේදී හෙලිවිය.

ජල හිඟයකට මුහුණ දෙන සහ වගා කළ හැකි ඉඩම් අඩු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වීමට කෘෂි තාක්‍ෂණ සමාගම් ආකර්ෂණය කර ගැනීම සඳහා අබුඩාබි ඇක්සලරේටර් වැඩසටහනක් ඩොලර් මිලියන 150 කට වඩා ආයෝජනය කර ඇති බව වාර් තා වෙනවා.

Share.

Comments are closed.