Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර

June 2, 2025

කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්

June 2, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 2
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»මෙවැනි ඇමතුම්, පණිවිඩ ආවොත් පරෙස්සමෙන්
UAE Sri Lankan

මෙවැනි ඇමතුම්, පණිවිඩ ආවොත් පරෙස්සමෙන්

Stanly KularathnaBy Stanly KularathnaDecember 13, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය තිබෙනවා.

එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කර සිටී.

තවද, මෙවැනි ක්‍රියාවල නිරතවන වංචාකරුවන් විසින් අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා පහත තොරතුරු ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය,

පුද්ගලික හැඳුනුම් අංක (PIN),
කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක (CVV),
ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP),
ජංගම බැංකුකරණයේ දී/ අන්තර්ජාල බැංකුකරණයේ දී යොදා ගන්නා පරිශීලක නාම (User ID), මුරපද (Password) හා එක් වරක් පමණක් භාවික වන මුරපද (OTP).

එබැවින් මෙවැනි රහස්‍ය තොරතුරු, කිසිදු තෙවන පාර්ශවයක් සමඟ හුවමාරු කර නොගත යුතු බවටත්, එවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසටත්, මූල්‍ය බුද්ධි ඒකකය තවදුරටත් මහජනතාවට අවධාරණය කර සිටී. එසේම, එවැනි විස්තර සැපයීමෙන් ඔබ/ ඔබගේ පවුලේ සාමාජිකයෙකු/ ඔබගේ සමීපතමයෙකු නිසැකයෙන් ම මූල්‍ය වංචාවක වින්දිතයෙකු බවට පත් වනු ඇත.

මේ ආකාරයේ දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ඔබට ලැබෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් 011-2477125 හෝ 011-2477509 හරහා මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅලුත්ම වාහන ලක්ෂ 5ක් හම්බන්තොටට ඇවිත් ගිහින්
Next Article දෙසැම්බර් මුල් සතියේ දී සංචාරකයින් 16,000 ක් ශ්‍රී ලංකාවට
Stanly Kularathna

Related Posts

රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර

June 2, 2025

කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්

June 2, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.