Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Eid Al Adha වෙනුවෙන් නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම සහ පොදු ප්‍රවාහන වේලාවන් නිවේදනය කෙරේ

June 3, 2025

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් නව පනතක්

June 3, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා ඇරඹේ – ජුනි 5 වන දා සිට දින 4 ක සති අන්ත නිවාඩුවක්

June 3, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 4
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්
Sri Lankan news

කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්

kumudikaBy kumudikaJune 2, 2025Updated:June 2, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොවිඩ් හා එහි ව්‍යාප්තියක් තිබේද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ අනුව කොවිඩ් හා එහි ව්‍යාප්තියේ ප්‍රවණ සම්බන්ධයෙන් සියලු කරුණු අඩංගු චක්‍රලේඛ 02ක් කඩිනමින් නිකුත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කර සිටියේ මහජනතාව ඉලක්ක කරගනිමින් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉලක්ක කර ගනිමින් අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට කටයුතු කරන අතර එහිදී මහජනතාව ගේ දැනුම වැඩි කිරීමට අදාළ කරුණු වෙනුවෙන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම යාවත්කාලීන කිරීම වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිත බවය.

කොවිඩ් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළ සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය හා නිසි බලයලත් සුදුසුකම් ඇති නිල ප්‍රකාශකයන් , ආයතන විසින් නිකුත් කරන තොරතුරු පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

හැකි සෑම විටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවශ්‍ය තොරතුරු ලබාදීමට ඉදිරිපත්ව සිටින අතර කොවිඩ් සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතනවල නිලධාරින්ගේ සේවයද අමාත්‍යාංශ ලේකම්වරයාටම මාධ්‍යයට ඉටු කිරීමට සිදුව තිබීම නිරීක්ෂණය විය.

ඒ අනුව මේ පිළිබඳ අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර සිටියේ තාක්ෂණික ප්‍රශ්නවලට කඩිනමින් පිළිතුරු දීමේ ක්‍රම වේදයක් සැකසීමේ අවශ්‍යතාව වසංගත රෝග විද්‍යාඅංශය සමග සාකච්ජා කළ බවයි. පවතින සන්නිවේදන ක්‍රමවේද සම්බන්ධයෙන් යම් ගැටලු ඇත්නම් ඒවා ද විසඳීමට මේ තමන් කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගියදා තහවුරු කළ අතර ඔමික්‍රෝන් වෛරසයට අදාළ අනු ප්‍රභේද වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් දිවයිනෙන් වාර්තා වන බවට එම ආයතනය පෙන්වා දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල මත වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ පර්යේෂණ මගින් තහවුරු කරගත් කරුණු මත එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉහත කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි.

කෙසේ වුවද මුඛ ආවරණ පැලඳීම, නිතර අත්සේදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ජනතාව විසින් අනිවාර්යෙන් සිදු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEmirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්
Next Article රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර
kumudika

Related Posts

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් නව පනතක්

June 3, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ප්‍රමුඛ ව්‍යාපාරික ප්‍රජාව නව තානාපතිනිය හරසරින් පිළි ගනියි

June 3, 2025

Clean Sri Lanka යටතේ සාගර පතුලත් පිරිසිදු කරයි

June 3, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.