2022 දෙසැම්බර් 01 සිට 07 දක්වා සතිය තුළ දී විදෙස් සංචාරකයින් 16,169 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තා මගින් අනාවරණය කරනවා.

මෙම දින හතෙහි දෙසැම්බර් 06 වන දා හැරෙන්නට සෙසු සෑම දිනයක දීම 2,000 ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර දෙසැම්බර් 01, 02 සහ 03 යන දිනවල එක් එක් දිනයෙහි පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,500 සීමාව ඉක්මවා තිබීම විශේෂත්වයක්.

මෙහිදී 3,404 ක් වූ වැඩිම සංචාරකයින් ප්‍රමාණය රුසියාවෙන පැමිණ ඇති අතර දෙවනුවට ඉන්දියාවෙන් 2,586 ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත.

මෙම සංඛ්‍යාවත් සමඟින් 2022 වසරේ දෙසැම්බර් 07 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 644,186 ක් වේ.

Share.

Comments are closed.