මුදලින් ඩිරාම් මිලියනයක් මුදල් ත්‍යාග, නොමිලේ මහල් නිවාස, ගිනිකෙළි සංදර්ශන, දැවැන්ත විකුණුම් සහ දීමනා,
ෂොපිං ෆෙස්ටිවල් පිරිනැමීම්, විකුණුම්, වට්ටම් සහ තවත් දැවැන්ත ත්‍යාග සමඟින් ඩුබායි ෂොපිං ෆෙස්ටිවල් නැවතත් පැමිණ ඇත.

ඩුබායි හි සාප්පු සවාරි යන්නන්ට ඩවුන්ටවුන් මහල් නිවාසයක්, ඩිරාම් මිලියනයක් මුදල් ත්‍යාග, මෝටර් රථයක් සහ රත්‍රන් ඇතුළු ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් එම සැණකෙලියට සහභාගීවන්නන්ට ලැබෙනු ඇත.

ලොව දීර්ඝතම සිල්ලර සැණකෙළියේ 28 වැනි වටය දෙසැම්බර් 15 වැනිදා ආරම්භ වී 2023 ජනවාරි 29 වැනිදා දක්වා දින 46ක කාලයක් පුරා පැවැත්වේ.

මෙම උත්සවයේදී ලොව හොඳම අලුත් අවුරුදු සැමරුම්, අද්විතීය භෝජන අත්දැකීම්, ජීවිතය වෙනස් කරන දිනුම් ඇදීම්, දේශීය හා ගෝලීය සන්නාමවල හොඳම ගනුදෙනු සහ කලාපීය සහ ජාත්‍යන්තර සංගීත නිරූපකයන්ගේ සජීවී ප්‍රසංග අත්විදිය හැක.

Share.

Comments are closed.