පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මගින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ,
2022 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයැදුම් කිරීමේදී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන්,
අධ්‍යාපන අමාත්‍යංශය වෙත අයැදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බවත්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම කල යුතු බවත් ය.

2022 වර් ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන්වන වාරය ආරම්භ වූ දෙසැම්බර් 5 දින සිට නවාතා ඇති බව ද එහි දැක්වේ.එහි සඳහන් කර ඇත්තේ, 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර් ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර් තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයැදුම්පත් සලකා බැලීමෙන් පසුව බවත් ය.

මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන බව ද එහි වැඩිදුරට ත් දැක්වේ.

Share.

Comments are closed.