එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු ආදායම ඉහළ ගොස් ඇති අතර එය 2021 සිට 2026  දක්වා 6.4% ක සංයුක්ත වාර් ෂික අනුපාතයකින් වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා.

ගල්ෆ් කලාපීය බැංකු ආර්ථිකයන් ද එම කාල සීමාව තුළ 8.8% ප්‍රතිශතයකින් වර්ධනයක් අපේක්ෂා කරන බව බොස්ටන් කන්සල්ටින් ගෲප් හි වාර්තාවකට අනුව සදහන් වෙනවා.

ඩොලර් බිලියන 900 ක් වටිනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු වත්කම් ඩිජිටල් ව්‍යාප්තිය මධ්‍යයේ වර්ධනය වෙනවා. 2021-2026 දක්වා ගෙවීම්, උකස් කිරීම් සහ තැන්පතු නිෂ්පාදන ගල්ෆ් කලාපීය සිල්ලර බැංකු අංශයේ බැංකු ආදායම් වර් ධනයට හේතු වෙනවා. ඩිජිටල් ගෙවීම් සහ ඊ-වාණිජ්‍යය අනුගමනය කිරීමෙන් ගෙවීම් ආදායම් වර්ධනයට තවත් ප්‍රතිලාභයන් ඉදිරියේදී අපේක්ෂා කෙරෙනවා.

Share.

Comments are closed.