වියට්නාමයේ හැනෝයි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යශය මගින් පසුගිය දින හැනෝයි හිදී සංවිධානය කරන ලද වාර් ෂික ජාත්‍යන්තර ආහාර උළෙලට සහභාගී වුනා.

මෙම වාර්ෂික උත්සවයේ 1O වැනි හමුවට රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, ජාත්‍යන්තර සංවිධාන, හැනෝයි හි පිහිටි රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන, විදේශ කටයුතු අමාත්‍යංශයේ පළාත් කාර්යාල, පළාත් ආණ්ඩු සහ වියට්නාම ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ සහභාගී වූහ.

මෙම උළෙල අතරතුර පිසින ලද කොත්තු රොටි සහ ආප්ප වැනි සුවිශේෂී ශ්‍රී ලාංකික ආහාරවලින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය මෙම උත්සවයේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථානවලින් එකක් විය.

ඩිල්මා ලංකා තේ වියට්නාම් සමාගම ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ කෙටි ආහාර සමඟින් ලංකා තේ සංග්‍රහ කෙරිණි. මෙහිදී වියට්නාම ජාතිකයන් ට මෙන්ම අනෙකුත් විදේශිකයන්ටද ශ්‍රී ලංකාවේ ආහාර සහ උණුසුම් ආගන්තුක සත්කාර භුක්ති විදින්නට අවස්ථාව උදාවුනා.

මෙම ආහාර උළෙල ප්‍රදර්ශන කුටි 131 කින් සමන්විත වූ අතර 5000 කට ආසන්න පිරිසක් ඊට සහභාගී වුනා.

Share.

Comments are closed.