උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය 2023 ජුනි මාසය වන විට අවසන් වීමට නියමිත බවත් එයින් නිපදවෙන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක ජලවිදුලි බලයක් එක් කරන බවයි.

ඉරානයේ Farab Energy and Water Projects සහ Farab International FZE, ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගම, 2023 අප්‍රේල් මස අවසන් වන විට ඉදිකිරීම් අවසන් කරන බවට සහතික වී ඇතැයි ඔහු සදහන් කරනවා.

මෙම ව්‍යාපෘතියට උමා ඔය හරහා වේලි දෙකක් සහ වැලිමඩ අතු ගංගාවක් ඉදිකිරීම, ට්‍රාන්ස් බේසින් හැරවුම් උමං මාර්ගයක් සහ භූගත ජල විදුලි බලාගාරයක්, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල​ට හෙක්ටයාර 5,000 කට ආසන්න භූමි ප්‍රමාණයකට වාරි ජලය සැපයීම සඳහා ජලය හැරවීම සහ අනෙකුත් පහළ අවශ්‍යතා ඇතුළත් වෙනවා. 

අපේක්ෂිත වාර්ෂික බලශක්ති නිෂ්පාදනය ගෙගාවොට් පැය 290 කි.

ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 529 කි. 

Share.

Comments are closed.