ඇ.ඩො . බිලියන 1.1 ක් වියදමින් අබුඩාබි හි කලීෆා වරාය පුළුල් කිරීම නිල වශයෙන් ආරම්භකොට තිබෙනවා.

අබුඩාබි වරාය යේ 10 වැනි සංවත්සරය හා පෝට් සයිඩ් 50 වන සංවත්සරය වෙනුවෙන් Abu Dhabi Port Group හි ජයග්‍රහණ ඇගයීමේ උත්සවයක කොටසක් ලෙස මෙම ආරම්භ​ය සිදුකරන්නට යෙදුනා. 

ජනාධිපති ෂේක් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් විසින් Abu Dhabi Port Group ජයග්‍රහණ ඇගයීමේ සැමරුම් උත්සවයක කොටසක් ලෙස කලීෆා වරායෙහි ව්‍යාප්තිය එළිදක්වනු ලැබුවා.

කලීෆා වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය විශේෂිත ජාතික ව්‍යාපෘති වලින් එකක් වන අතර ගෝලීය වෙළඳ ව්‍යාපාරය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් රටේ වරායන් සහ සැපයුම් සේවා සඳහා වැදගත් එකතු කිරීමක් ලෙස සැලකෙන බව ජනාධිපති ෂේක් මොහොමඩ් වැඩිදුරටත් පැවසුවා.

ජාතික ආර්ථිකයේ සංවර්ධනය හා විවිධාංගීකරණය සඳහා කලීෆා වරාය සහ අනෙකුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායන් මගින් ඉටු කරන ලද කාර්යභාරය ඔහු අවධාරණය කලා.

2030 වන විට කලීෆා වරායේ හැසිරවීමේ ධාරිතාව වසරකට බහාලුම් මිලියන 15 දක්වා සහ සාමාන්‍ය භාණ්ඩ හැසිරවීමේ ධාරිතාව ටොන් මිලියන 25 දක්වා වැඩි කිරීමට සූදානම් වෙනවා.

2012 දෙසැම්බර් 12 වන දින දිවංගත ෂේක් කලීෆා විසින් නිල වශයෙන් විවෘත කරන ලද, කලීෆා වරාය ගොඩබිම​ට කිලෝමීටර් හතරක් දුරින් ගොඩ කරන ලද ගොඩබිමකින් සංවර්ධනය කරන ලද අතර දැන් ජාත්‍යන්තර ගමනාන්ත 70 කට වැඩි ප්‍රමාණයකට සෘජු සම්බන්ධතා ඇති බහාලුම් නැව් මාර්ග 25 කට වඩා සේවය සපය න ප්‍රධාන මධ්‍යස්ථානයක්.

Share.

Comments are closed.