ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී  රට හැර ගොස් ඇතැයි  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

වෙනත් රටවල සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ  පහසුකම්  ලබාදෙන හෙයින් ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බව දැනගන්නට තිබෙනවා.

මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් මතුව තිබෙන බවත් වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මෙය  අද රටේ සෑම ක්ෂේත්‍රයකටම  පොදු වූ ප්‍රශ්නයක් බවයි.

ගුවන් ගමන් පාලකවරුන් විසිපස් දෙනෙකු අලුතින් බදවා ගත් බවද ඔහු සඳහන් කළේය. මේ අතර ගුවන් නියමුවන් රැසක්ද පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි  ගුවන්තොටුපොළ  ආරංචි මාර් ගවලින් හෙලිවෙනවා.

Share.

Comments are closed.