අමෙරිකාවේ සිට ඉහළ පෙළේ මගීන් 108 දෙනෙකු රැගත් ‘Ocean Odyssey’ සුඛෝපභෝගී නෞකාව ඊයේ කොළඹ වරායට ළඟා වුනා.

කෲස් නෞකාව අද ත්‍රිකුණාමලය බලා පිටත් වීමට නියමිතයි. Ocean Odyssey නෞකාවේ මගීන් දෙසැම්බර් 21 වැනිදා ත්‍රිකුණාමල වරායේදී නෞකාවට ගොඩවීමට පෙර රට ශ්‍රී ලංකාව තුල සංචාරය කොට පිටත්ව යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

නෞකාවේ මගීන් පිළිගැනීම සඳහා වරායේ සංවිධානය කර තිබූ උත්සවයට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සහභාගී විය.

Share.

Comments are closed.