ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් පසුගිය සෙනසුරාදා පැවැත්වූ 111 වෙනි ‘විශිෂ්ඨ වාහන අංක තහඩු සඳහා වූ විවෘත වෙන්දේසියේ’ දී ඩිරාම් මිලියන 2.64 ක් වැනි විශාල මුදලකට එක් අංක තහඩුවක් අලෙවි වුනා.

ඒ  “O 36”දරණ විශේෂ අංක තහඩුවයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 26 වඩා අධික මුදලක්.

එදින වෙන්දේසි වුන කාර් අංක තහඩු වල මුලුවටිනාකම ඩිරාම් මිලියන 30.8 ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 306 වඩා වැඩි දැවැන්ත මුදල් ප්‍රමාණයක්.

එදින වෙන්දේසි වුන තහඩු අංක ‘U 66666’ ඩිරාම් මිලියන 1.46 කට අලෙවි වුනා. තහඩු අංක ‘Z 786’ ඩිරාම් මිලියන 1.035 කටත් තහඩු අංක ‘V 44444’ ඩිරාම් මිලියනයකටත් අලෙවි වුනා

ගනුදෙනුකරුවන්ට මෙලෙ​ස ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් සංකේතවත් වන පරිදි මේ ආකාරයෙන්වූ විශේෂ අංක තහඩු වෙන්දේසියෙන් මිලදී ගැන්ම​ට හැකියාව පවතිනවා. 

Share.

Comments are closed.