එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශීත කාලය දෙසැම්බර් 22 වනදා ආරම්භ වන අතර එම කාලය තුලදී වර්ෂාපතනයක් ද බලාපොරොත්තු වෙනවා. 

මෙවර සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 80 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙය වසරේ ඉතිරි කාලය තුළ මුළු වර්ෂාපතනයට වඩා සියයට 75 කින් වැඩිවීමක් වනු ඇති.

එමිරේට්ස් තාරකා විද්‍යා සංගමය වාර්තා කර ඇති අන්දමට, මෙරට ශීත ඍතු සමය මේ වසරේ දෙසැම්බර් 22 වැනිදා දේශීය වේලාවෙන් අලුයම 1:48 ට ආරම්භ වී මාර්තු 20 වැනිදා දක්වා පවතිනවා.

විශේෂයෙන් දෙසැම්බර් මැද සිට පෙබරවාරි මැද දක්වා අරාබි අර්ධද්වීපයේ, මෙම කාලය තුළ ශීත ඍතුවේ උච්චතම අවස්ථාවට පැමිණෙන බවත් වාර්තා කර තිබෙනවා. වෙරළබඩ ප්‍රදේශවල අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ට අඩු වන අතර කාන්තාර සහ කඳුකර ප්‍රදේශවල සෙල්සියස් අංශක 10 ට වඩා අඩු වෙනවා. මීටර් 1800 ට වැඩි උසකදී උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුව දක්වා පහළ යා හැකි බවයි එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

Share.

Comments are closed.