ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) දෙසැම්බර් 26 වැනිදා සිට ඩුබායි හි නව පොදු බස් මාර්ග දෙකක් දියත් කිරීමට සැලසුම් කොට තිබෙනවා. 

අභ්‍යන්තර බස් ජාල ආවරණය පුළුල් කිරීම සහ එමීර් රාජ්‍යයේ ජන සංක්‍රමණ මාධ්‍යයන් ඒකාබද්ධ කිරීම වැඩිදියුණු කිරීම මෙම පියවරේ අරමුණයි. එදිනම RTA තවත් බස් මාර්ග 25ක් වැඩිදියුණු කල කාලසටහන් යටතේ ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. 

නව බස් මාර්ග දෙකේ ගමන් මග පහත පරිදි වේ.

මාර්ග අංක 68

එය ඩුබායි ගම්බද ප්‍රදේශවලට සහ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රවාහන සේවා සඳහා සහාය වීම අරමුණු කරගත් බස් මාර්ගයකි. එය Lehbab පළමු උද්‍යානයෙන් ආරම්භ වන අතර Margham, Al-Lisaili සහ Saih Al Salam හරහා ගමන් කරයි.

මාර්ග අංක F62

මෙය මෙට්‍රෝ හා සම්බන්ධක බස් සේවාවකි. එය Nadd Al Hamar සිට ගමන් කර Dubai Festival City සහ Umm Ramool හරහා එමිරේට්ස් මෙට්‍රෝ ස්ටේෂන් වෙත ළඟා වේ.

RTA විසින් වෙනත් මාර්ග 25 ක කාලසටහන වැඩිදියුණු කරනු ඇත, එනම්: මාර්ග අං​ක 6, 7, 9, 20, 24, 29, 44, 81, 93, C04, E100, E101, F04, F08, F14, F26, F17, F19A, F19B, F22, F24, F23, F23A, X22, සහ X28.

Share.

Comments are closed.