දෙසැම්බර් 19 සඳුදා උදෑසන 8.50 ට මැන්චෙස්ටර් සිට ඩුබායි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ A380 එමිරේට්ස් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හටගෙන තිබුනා. ගුවන් යානය, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා එම ගුවන් ගමන අවලංගු කල බව වාර්තා වුනා.
මෙම හේතුව නිසා මගීන්ට ගමන් කිරීමට නොහැකි වූ අතර අවසානයේ දෙසැම්බර් 20 දා පෙ.ව. 6 ට, නියමිත කාලයට වඩා පැය 20 කට ආසන්න කාලයක් ප්රමාද වී නැවත ගමන් කිරීමට පහසුකම් සලසා තිබුණා.