පසුගිය 13 වන අඟහරුවාදා සිට visit visa සම්භන්ධ නීති අලුත් වූවා. එමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාර වීසා බලපත්‍රලාභීන්ට රට තුළ සිට ඔවුන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීම අත්හිටුවා තිබෙනවා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රථම වරට අමුත්තන්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර රට තුළ සිට දීර්ඝ කිරීමේ විකල්පය හඳුන්වා දුන්නේ Covid වසංගතය කාලසීමාව අතරතුරයි. වසංගතය අතරතුර, සංචරණය දුෂ්කර වූ බැවින්, මානුෂීය සැලකිල්ල හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම වෙනස සිදු කලා.

මේ අනුව සංචාර වීසා මත සිටින සහ ඔවුන්ගේ තත්ත්වය වෙනස් කිරීමට කැමති අය ඔවුන්ගේ වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ යුතු අතර, අනුමැතිය ලැබුණු පසු, ඔවුන් රටින් පිටවී නැවත ඇතුළු විය යුතුය.

Share.

Comments are closed.